ශ්රීලංකා හිටපු නායක මෙන්ම තුන් ඉරියව් ක්රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර අතිරේක ක්රීඩකයන් ලෙස ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වී තිබේ.
ලෝක කුසලානයට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට සහභාගී වූ තරග 03 ම පරාජය වී ප්රසාදලකුණු සටහනේ අවසාන ස්ථානයේ පසුවෙයි.
ශ්රී ලංකා නායක දසුන් ශානක මේවනවිට කළවා ආබාධයක් නිසා කණ්ඩායමට අහිමි වී ඇති අතර ඒ වෙනුවට අතිරේක ක්රීඩක චාමික කාරත්න කණ්ඩායම හා එක්ව තිබේ.
දුෂ්මන්ත ද ලෝක කුසලාන සංචිතයේ තේරීම් කටයුතු සඳහා නිර්දේශ නොකෙරුණේ ඔහුගේ උරහිසේ වූ ආබාධ තත්වය සැලකිල්ලට ගෙනය.
ඇන්ජිලෝ මැතිව්ස් ද ලෝක කුසලානයට සුදුසුකම් ලබනා තරග වටයේ සිටම ලෝක කුසලාන තේරීම් කටයුතු සඳහා අදේශ වූ ක්රීඩකයෙකු නොවීමද විශේෂත්වයකි.