රටේ පවතින සෞඛ්‍ය අර්බුදය විසදීම වෙනුවෙන් එකව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් එකඟතාවයකට පැමිනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ රටේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සමග ඊයේ(18) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.