ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ජංගම සේවාවක් වන Uber සමාගම, සිය ඉන්දියා තාක්ෂණික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන සුවිශේෂී දැනුවත් කිරීමේ හා උපදේශන වැඩසටහනක් සඳහා සහභාගි වීමට මෙරට ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් 3 දෙනෙකුට අවස්ථාව ලබා දී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක් ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමුළුව වන DIGIECON 2030 සඳහා Uber සමාගම අනුග්‍රාහකත්වය ලබා දෙන අතර , එම සමුළුවේ ම කොටසක් ලෙස Uber සාමාගමට අයත් තාක්ෂණික ඉංජිනේරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ හරි ශ්‍රීනිවාසන් මහතා ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙමින්, ආරම්භක මට්ටමේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම පිළිබඳ ඔහුගේ අත්දැකීම් හා දැනුම බෙදා ගැනීමට අරමුණු කරයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම අරමුණු කරමින් සංවිධානය කෙරෙන DIGIECON 2030 සමුළුවේ ම කොටසක් ලෙස ක්‍රියාත්මක වන Uber Tech Start-up තරඟය මගින් මෙරට තරුණ ව්‍යවසායකයින්ට සිය අදහස් හා හැකියාවන් ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රවීණන් වෙත ඉදිරිපත් කිරීමට මෙන් ම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ද අවස්ථාව හිමි වේ.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ, “නව අදහස් හා නව විසඳුම්වලින් සපිරි තරුණ පරපුරේ දායකත්වය ශ්‍රී ලංකාවේ අනාගත වර්ධනයට අත්‍යවශ්‍යයි. DIGIECON 2023 මගින් ආධුනික තාක්ෂණික ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් ක්ෂේත්රයේ ප්‍රවීණයන් වෙත ඉදිරිපත් කරමින්, සිය ඉදිරි ගමන සාර්ථක කරගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බව පැවසුවොත් මා නිවැරදියි. මේ සම්බන්ධයෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් මම Uber සමාගම වෙත මගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. ඉන්දියාවේ පිහිටි, Uber සමාගමට අයත් තාක්ෂණික මධ්‍යස්ථානයට ගොස් අධ්‍යනය කිරීමේ අවස්ථාව අපගේ ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් වෙත ලබා දීම ඇත්ත වශයෙන් ම ඔවුන් දිරිගැන්වීමක් ලෙස ප්‍රකාශ කළ යුතු ම යි. මෙම සහයෝගය තාක්ෂණික ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා සිහින දකින අපගේ තරුණ තරුණියන්ට මහත් ශක්තියක්. ඒ වගේ ම රටේ ඉදිරි ගමනටත් මෙය ඉතා හොඳ සහයෝගයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.” යනුවෙනි.
Uber සමාගමේ තාක්ෂණික ඉංජිනේරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ හරි ශ්‍රීනිවාසන් මහතා මේ පිළිබඳ ව පැවසුවේ, “DIGIECON 2030 සමුළුව සඳහා අනුග්‍රහය දක්වමින්, ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් බල ගැන්වීමේ මෙහෙයුමට දායක වීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. මෙම තරඟයට සහභාගී වන ආරම්භක මට්ටමේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් තුළ විශාල හැකියාවක් පවතින බව අපි හඳුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ අදහස්වලට සවන් දෙමින්, ඒවා පෝෂණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මෙහි දී මම බලාපොරොත්තු වෙනවා. නවෝත්පාදන පෝෂණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අපි, ඉන්දියාවේ ස්ථාපිත අපගේ තාක්ෂණික සහ ඉංජිනේරු කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට සහ අප අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් තුන් දෙනෙකුට අවස්ථාව ලබා දීමට කටයුතු කරන්නේ ඉමහත් සතුටින්. ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් අනාගතයේ දී ශක්තිමත් වෙමින්, රටේ ආර්ථික වර්ධනයේ කොටස් කරුවන් වනු ඇති බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීම සඳහා අවස්ථාව හිමි කර ගත් ආරම්භක මට්ටමේ ව්‍යවසායන් 26 අතරට AnybanQ.lk by Fintech Digital Pvt Ltd, DirectPay Pvt Ltd, Enadoc Pvt Ltd, Mintpay Pvt Ltd, Simplebooks, SpectrifyAI, Synapsys Limited, VizuaMatix System, Pvnergyptd, Techno Information Ltd, Asia Pvt Ltd, ManKiwwa by Deegenics Pvt Ltd, Zapmail, KReader Pvt Ltd, Ceyentra Education Pvt Ltd, Get Connectz by Deegenics Pvt Ltd, ElysianMemorials, Metatechno Lanka Company Pvt Ltd, Payments StBoudi Ltd, Payments StBudi x Inc , Evolza Holdings Pvt Ltd, Meu Labs Pvt Ltd, ITSELF Automation Pvt Ltd, Agrifue, සහ ZikZen Solutions Pvt Ltd. යන ආයතන ඇතුළත් වේ. මෙම ආරම්භක මට්ටමේ ව්‍යාපාරික ආයතන ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින තාක්ෂණික ක්ෂේත්රය තුළ විවිධ අංශ නියෝජනය කරන අතර, ඒවා ශ්‍රී ලාංකේය ජාතිය බල ගැන්වීම සඳහා ඩිජිටල්කරණය ප්‍රවර්ධනය ආයතන වීම විශේෂිතය.
Uber විසින් තෝරා ගන්නා ලද ආරම්භක මට්ටමේ ව්‍යවසාකයින් තිදෙනා හට ඉන්දියාවේ පිහිටි Uber සමාගමට අයත් තාක්ෂණික මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සඳහා සියලු වියදම් සහිතව සතියක සංචාරයක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.