දිවයින පුර පැතිර යන ඇස් රෝගය සීඝ්රයෙන් පාසල් ළමුන් අතර පැතිර යාමේ අවදානමක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.
මෙම රෝගය පාසල් ළමුන් අතර වේගයෙන් පැතිර යමින් පවතී. ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය යන ලක්ෂණ මෙහි සුලබව දැකිය හැකි රෝග ලක්ෂණ මෙහිදී දැකිය හැකිය. මේ ඇස් රෝගය තිබෙන අයෙක් ඔහුගේ ඇස් අල්ලා නිරෝගී පුද්ගලයෙකු ස්පර්ශ කළහොත් මේ රෝගය සීඝ්රයෙන් පැතිරීමේ අවදානමක් පවතින් බවත් එම නිසා ළමුන් එකට සෙල්ලම් කිරීමේ දී දෙමාපියන් වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත්, ඉහත් කී රෝග ලක්ෂණ දරුවන් පෙන්නුම් කරයි නම් ඔවුන් පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට යැවීමෙන් වලකින ලෙස ඔහු දෙමාපියන්ට වැඩිදුරටත් දෙමාපියන්ට දැනුම් දුන්නේය.