ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට විසින් පනවා තිබූ ක්‍රිකට් තහනම සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ස්වාධීන කමිටුව නිර්දේශ ලබා දී තිබේ.
ඒ අනුව ඔහුට නැවතත් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතී.
ස්වාධීන කමිටුව මේ නිර්දේශ ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සවුත් දිසා අධිකරණය ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම නිසා ය.