අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තීරණාත්මක තරගය පිළිබඳව ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මාධ්‍යයට අදහස් දක්වමින් අද තරගයේ ජයග්‍රණය තීරණය වන ආකාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
එහිදී ඔහු සඳහන් කළේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පිතිකරණයේ යෙදුණ ද පන්දු යැවීමේ යෙදුණද තරගයක් ජය ගැනීමේ සම්භාවිතාවය සීයයට පනහ පනහ දෙපිලටම පවතින බවත්, පසුගිය තරගයේ ලැබූ පරාජයෙන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් තරමක පසුබෑමක සිටිය ද අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවත් ය.
ඔහු වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2019 ලෝක කුසලානය ආරම්භ කළේ ද මූලික වටයේ තරග දෙකක් පරාජය වී නමුත් එහිදී ද කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රණයන් කරා සිය කණ්ඩායම ළගා වූ බවත් මෙවරද එසේ කිරීමට තම කණ්ඩායමට හැකියාව පවතින බවත් ය.