ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ලෝක ශූර එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබා දුන් අතර ඔවුන් පන්දුවාර 49.5 දී සියලුදෙනා දැවී ලකුණු 284ක් ලැබීමට සමත් විය.
එහිදී රහමතුල්ලා ගුරුබාස් ලකුණු 80 ක් සහ ඉක්රම් අලිකිහිල් ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් විය. පන්දුයැවීමේදී අඩීල් රශීඩ් ලකුණු 42 කඩුලු 3 ක් හා මාර්ක් වූඩ් ලකුණු 50 ට කඩුලු 2ක් ලබා ගත්හ.
පිළිතුරු සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන්ට ඇෆ්ගන් පන්දු බලඇණිය හමුවේ පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් හැරී බෲක් ලකුණු 66ක් රැස් කළ අතර ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මුජීබ් උර් රෙහෙමාන් ලකුණු 51 ට කඩුළු 3ක් සහ රෂීඩ් ඛාන් ලකුණු 37 ට කඩුළු 3 ක් බිඳ හෙළීය.
තරගයේ වීරයා මුජීබ් උර් රෙහෙමාන්
මෙය ලෝක ශූර එංගලන්තය ක්‍රිකට් පිටියේ ලැබූ අනපේක්ෂිත පරාජයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
රසිත ජයවීර