එක්දින ක්‍රිකට් ලොක කුසලානයේ “පස මිතුරු සටන” ලෙස හැදින්වෙන ඉන්දු – පාකිස්ථාන තරගය හෙට (14) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතව තිබේ.
මේ වනවිට ලෝක කුසලානයේ තරග දෙක බැගින් දිනා ගනිමින් සම මට්ටමේ පසුවන අතර එම නිසා දෙපිලම හෙට තරගයට එක්වන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.
මේ අතර හෙට තරගය වෙනුවෙන් අහමදාබාද් නුවර අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
එක්දින ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වූ දවසේ සිටම දෙරටේ ම ප්‍රේක්ෂකයන් මෙම තරගය නැරඹීමට මහත් උනන්දුවෙන් පසුවූ අතර තරගයට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවියට නිකුත් කොට දවස් දෙකකදී විකිණී අවසන් වීම ම එම තරගයට ඇති උද්වේගය මොනවට පෙන්වා දෙයි.
සමස්තයක් ලෙස ගත් කල ඉන්දියාව හා පාකිස්ථානය තරග 134 කදී එකිනෙකා මුණගැසි ඇති අතර එයින් වැඩි ගෞරව දිනා ගෙන ඇත්තේ පාකිස්ථානයයි. ඒ තරග 73ක් ජයගෙන ය. ඉන්දියාව ජයගෙන ඇත්තේ තරග 56ක් පමණි.
නමුත් ලෝක කුසලාන තරග රටාව වෙත අවධානය යොමු කරනා විට එහි ආධිපත්‍ය නතු කරගෙන ඇත්තේ ඉන්දියාවයි. ඒ, දෙරට සහභාගී වූ තරග හතම ජය ගනිමිනි.
දෙරට අතර හෙට හමුවන අටවන තරගයේ දී හෝ පාකිස්ථානයට ඉන්දීය ආධිපත්‍ය බිඳීමට හැකිවේ ද යන්න සියලු දෙනා අපේක්ෂාවෙන් බලා සිටී.
රසිත ජයවීර