චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
විදෙස් සංචාරකයින් මෙරටට ආකර්ෂණය කිරීම අරමුණු කොටගෙන මෙම තීරණය ගත් බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්රකාශ කළේය.