මෙම සම්මානයෙන් පිදුම් ලැබූ එකම ලාංකික සමාගම ලෙස ALFT Packaging ගෞරවාදරයට පාත්‍ර වේ.
පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවති 2023 ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ALFT Packaging ආයතනය Wide Web Flexo කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස ALFT Packaging ආයතනය කැපී පෙනෙන පිළිගැනීමකට පාත්‍ර විය.
වාර්ෂිකව පැවැත්වෙන ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙල තුළින් ඇසුරුම්කරණයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර බව පිළිබඳ මනා සාක්ෂි සපයයි. එමෙන්ම ඒ හරහා ආසියානු කලාපය පුරා ඇති හොඳම ඇසුරුම් මුද්‍රණ යන්ත්‍ර හඳුනා ගැනීමද සිදු වේ. වසර 20ක් පුරා කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක සහාය ඇතිව ක්‍රියාතමක වන ආසියාවේ එවැනි ආකාරයේ එකම කලාපීය තරගයද මෙය වේ.
කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන පුරෝගාමියෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ ALFT Packaging දේශීය විශිෂ්ටත්වය උපයෝගී කර ගනිමින්ද, දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දෙමින්ද, අඛණ්ඩව ගෝලීය ප්රමිතීන් අනුව විශිෂ්ටත්වයේ රැඳී සිටියි. මෙම රන් සම්මානය දිනාගැනීම තුළින් සමාගම සතු නව්‍ය නිර්මාණශීලීත්වය සහ උසස් තත්ත්වයේ ඇසුරුම් පාරිභෝගිකයා වෙත ලබා දීමේ හැකියාව පිළිබඳ පුළුල් අදහසක් නිරූපණය වනු ඇත.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ALFT Packaging හි සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, කීර්තිමත් ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙම රන් සම්මානය දිනා ගැනීම සිය දක්ෂ කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි. සිය ව්‍යාපාරයේ හරය වන නවෝත්පාදනයන් සහ ගුණාත්මකභාවය සඳහා වන ඔවුන්ගේ කැපවීම මෙම සම්මානයෙන් ඉස්මතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසන ලදි. සිය සුවිශේෂී කාර්යය සඳහා මෙලෙස පිළිගැනීමක් ලැබීම ගැන සතුටට පත් වන අතරම කර්මාන්තයට නායකත්වය දීම සඳහා ඔවුන් නිරතුරුව කැපවන බවද ඔහු පවසා සිටියේය.
වසර පහකට පෙර ආරම්භ කරන ලද, ALFT Packaging ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම් කර ඇති ඇසුරුම්කරණ විසඳුම් ඉදිරිපත් කරන අතරම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින්, ගුණාත්මක සහ අවම පිරිවැයකින් යුතු ඵලදායී මෙන්ම නව්‍ය ඇසුරුම් සපයනු ලබයි.
නවීනතම ජර්මානු යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත වර්ග අඩි 200,000ක, සමාගමේ නවීනතම සංකීර්ණය ජපන් ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇත. මෙම සංකීර්ණය උෂ්ණත්වය පාලනය කරන ලද නිමි භාණ්ඩ ගබඩාවකින්, කර්මාන්තශාලාවට සෘජු භූගත ප්‍රවේශයක් සහිත ද්‍රාවක ගබඩා පහසුකම් වලින්, තීන්ත ගබඩාවකින් සහ ගෘහස්ථ පෙර මුද්‍රණ පහසුකම් වලින් සමන්විත වන අතර එය රට තුළ ඇති එකම BRC AA සහතික කළ කම්හල ලෙස හැඳින්විය හැකිය.
අද වන විට ALFT Packaging ගෝලීය ගනුදෙනුකරුවන් අතර ආකර්ෂණීය කීර්තියක් ලබා ඇති අතරම trailblazing gravure සහ CI Flexo මුද්‍රණ සහ ඇසුරුම් ක්‍රම භාවිතා කරමින් සන්නාම 100 කට අධික සංඛ්‍යාවකට සේවය සලසමින් අසමසම වාසි ලබා දී ඇත. සේවය සඳහාම කැපවූ විශේෂඥයින් කණ්ඩායමක් විසින් සවිබල ගන්වන ලද ්ඛත්ඔ ඡ්ජන්ටසබට සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගමන් මග පුරාවටම සහය ලබා දීමටත් කර්මාන්තය තුළ පරිවර්තනීය දියුණුවක් ඇති කිරීමටත් කැපවී සිටියි.