‘දේශය පෝෂණය කිරීම‘ වෙනුවෙන් නිරතුරුව කැපවී සිටින සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් දෙවන වරටත් වැඩිහිටි මව් පියවරු වෙනුවෙන් ‘උත්තම දළදා 2023 සත්කාරය ‘ ව්‍යාපෘතිය දියත් කරන ලදි. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් මාවනැල්ල, කුරුණෑගල සහ ගම්පොල ප්‍රදේශයන්ගෙන් තෝරාගත් වැඩිහිටි නිවාස හතරක වැඩිහිටි මාපියන් 100 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙලෙස දළදා මාලිගාව වැඳපුදා ගැනීමට සහ ආශිර්වාද ලබා ගැනීමට අවස්තාව සලසා දී තිබුණි. විශේෂයෙන්ම සකස් කරන ලද මැදිරියක සිට ඇසළ පෙරහැරේ අසිරිය දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ඔවුන්ට විශේෂ සුවපහසු ඉදිරිපෙළ ආසන මෙන්ම ආහාරපානවලින්ද සංග්‍රහ කරන ලදි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් ඉදිරියටත් වයෝවෘද්ධ හා අසරණ පුද්ගලයන් වෙනුවෙන් මෙම සුවිශේෂී සත්කාරය සිදු කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මෙවැනි ක්‍රියාමාර්ගයන් හරහා යහ ගුණ ධර්ම පිරි සමාජයකට මග විවර කළ හැකි බවද පැහැදිලි වනු ඇත.
තවද ලෝක වැඩිහිටි දිනය සමරන ජාතියක් වශයෙන් සිතුවිලිවලින් සහ ක්‍රියාවන්ගෙන් මෙවැනි ප්රයත්නයන් දැරීමේ වටිනාකම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් ලොවට ගෙන යන්නේ සිය ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණට අනුව යමිනි.