ශ්රී ලංකාවේ ප්රවීණ රංගණ ශිල්පියෙකු, චිත්රපට අධ්යක්ෂකවරයෙකු, ලේඛකයෙකු, හායකයෙකු මෙන්ම ගේය පද රචකයෙකු ද වූ අභාවප්රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරු 05 ට රාගම පේදුරු පාවුලු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතය.
මහජන ගෞරවය සඳහා දේශය ඒ මහතාගේ නිවසේ දහවල් 12 වනතුරු තැන්පත් කර තැබෙන අතර සවස 3 ට ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය.
පසුව සවස 5 ට රාගම පේදුරු පාවුලු දේවස්ථානය වෙත රැගෙන යන දේහය එහිදී මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි.