මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයක ඇස් රෝගී තත්වයක් පැතිරී යන අතර ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවූවත් එය පැතීරීයාම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
“අක්ෂි පටල ප්‍රදාහය” ලෙස හදුන්වන මේ රෝගය වෛරසයක් මගින් පැතිරි යන අතර එහි බහුලව පෙන්නුම් කරනා රෝගලක්ෂණ ලෙස ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදිය පෙන්වා දිය හැකිය.
එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කදුළු මඟින් සහ ඒ ආශ්රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මෙම ඇස් රෝගය කොටහේන මධ්‍ය විද්‍යාලයේ දරුවන් අතර ව්‍යාප්ත වී තිබීම නිසා එහි 6, 7, 8 ශ්‍රේණි මේ දවස් හතරේ වසා තැබීමට පළාත් අධ්‍යාපන කාර්යාලය තීරණය කොට තිබේ.