ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිග ඇතිවී ඇති අර්බුදකාරී තත්වය මත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනා ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ.
ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ ඒ සඳහා ක්‍රියා කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කොට ඇති බවයි.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන සංචාරකයින් සහ සේවකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින්ට නැවත පැමිණීමට පහසුකම් සැලසීමට සහාය වන ලෙස ද ඔහු ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින්ට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සපයන ලෙස ද පොලිසියෙන් ඉල්ලා සිටියේය.