• ප්‍රහාර හමුවේ 1000ට අධික සංඛ්‍යාවක් මිය යයි. 123,000 අවතැන්
• ආරක්ෂිත ස්ථාන වෙත යන්න ඊශ්‍රායලය සිවිල් වැසියන්ට කියයි
පසුගිය (07) උදෑසන පලස්තීන හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කරන ලද බලාපොරොත්තු නොවු රොකට් ප්‍රහාර හා ඒ සමඟම ගාසා තීරය දෙසින් හමාස් ගරිල්ලන් දේශ සීමා බිඳගෙන ඊශ්‍රායලයට ඇතුළු විය. එලෙස දේශ සීමා බිඳගෙන ඊශ්‍රායලයට දකුණු දෙසින් ඇතුළු වූ හමාස් සටන්කරුවන් එම ප්‍රදේශයේ සිටි සිවිල් වැසියන් වෙඩි තබා ඝාතනය කරමින් ඉදිරියට පැමිණි අතර තවත් වැසියන් හා ඊශ්‍රායල ආරක්ෂක අංශ භටයන් පිරිසක් සිය ග්‍රහණයට නතු කරගනිමින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන තිබුණි.
මෙලෙස හමාස් සටන්කරුවන් විසින් ඊශ්‍රායලය ට රොකට් ප්‍රහාර 7000 අධික සංඛ්‍යාවක් එල්ල කර තිබුණි.
මෙම අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කළේ ගාසා තීරයේ සිටින පලස්තීන වැසියන් ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙස බව හමාස් ප්‍රධානියා ප්‍රකාශ කොට තිබුණි.
මේ තත්වය හේතු කොටගෙන ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ “යුධ නීතිය” ප්‍රකාශයට පත් කොට පලස්තීනයට විරුද්ධව යුධ ප්‍රකාශ කළේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ “අපි ඉන්නේ යුද්ධයක. මෙය හුදෙක් පෙරහුරුවක් හෝ මෙහෙයුමක් නෙවේ. අපි මෙය කෙසේ හෝ ජය ගන්නවා” යනුවෙනි.
පෙරේදා හවස් යාමයේ සිට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් තම බිඳුණු දේශ සීමාව නැවත ලබා ගැනීම සඳහා දියත් කළ යුධ මෙහෙයුම මේ වනවිටද ක්‍රියාත්මක අතර පලස්තීනයට ගොඩ බිමින්, ගුවනින් සහ සාගරයෙන් දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
එලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ පලස්තීනයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරයේ දී පලස්තීනුවන් 130 ට වැඩි පිරිසක් මරණයට පත්වූ අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබුණි.
මේ සටහන ලියනා වේලාව වනවිට ගාසා තීරයේ ඇවිළුණු යුධ ගැටුම් හේතුවෙන් දෙරටේ ම පුද්ගලයින් 1000ට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් දහස් ගණනකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් පලස්තීනුවන් 123,000ක් පමණ ගුවන් ප්‍රහාර නිසා අවතැන්ව ඇති බවත් තවත් 74,000ට අධික සංඛ්‍යාවක් පාසල් අවට රොක් වෙමින් රැකවරණය සොයනා බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාර වලින් ශ්‍රී ලංකිකයෙකු තුවාල ලබා ඇති බවත් ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.
ලොව ප්රමුඛ පෙළේ ඉන්ධන සපයන්නන් සිටිනා කලාපයක ආරම්භ වී ඇති මෙම යුද්ධය දිනෙන් දින තීවෘ වීමත් සමඟ අද(09) දිනය වනවිට ඉහළ යෑමේ හැකියාවක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර ඊශ්‍රායලය දෙරටේ ම සිවිල් වැසියන්ට දැනුම් දෙන්නේ තම නිවෙස් වලට වී හෝ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සිටිනා ලෙසයි.
පලස්තීනය ද ඊශ්‍රායලයට තවදුරත් ප්‍රහාර දියත් කරමින් පසුවන අතර ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් වලටද රොකට් ප්‍රහාර 300ට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබේ.
යුද්ධයේ නව තත්වය පිළිබඳව නිවේදනය කරන ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ ඔවුන් තවදුරටත් ගාසා තීරයේ බිඳුණු දේශ සීමාව නැවත ලබා ගැනීමේ සටන් වල තවදුරටත් නියැලී සිටිනා බවත් මේ වනවිට හමාස් සටන්කරුවන් යටතේ පැවැති ඊශ්‍රායල් පොලිස් ස්ථානයක් නැවත තම භාරයට ගත් බවත් නිවේදනය නිකුත් කරන වේලාව වනවිට හමාස් සටන්කරුවන් බොහොමයක් මියගොස් ඇති බවත් ය.
ඊශ්‍රායලය විසින් ඊයේ (08) උදෑසන ලෙබනන් දේශ සීමාව ආසන්නයට ද රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර එයට හේතු වී ඇත්තේ ලෙබනනයේ “හිසබොලා” නම් කල්ලිය ඊශ්‍රායලයේ මවුන්ට් ඩොව් වෙතට කාලතුවක්කු හා රොකට් ප්‍රහාර එල්ල කිරීම ය. තවමත් එම ප්‍රහාර වලින් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණ නැත.
මෙම යුධ තත්වය හමුවේ දෙරටේ ම රෝහල් තුවාලකරුවන්ගෙන් හා මරණකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සඳහන් කර තිබේ.
මෙම යුධ ගැටුම් අතරතුර ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙකු ද මියගොස් ඇති බව ඔවුන් නිවේදනය කළහ. මෙලෙස මියගොස් ඇත්තේ නාහල් සේනාංකයේ අණ දෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් යොනතන් ස්ටින්බර්ග් ය.
සෙනසුරාදා (07) සිදුවූ මෙම අනපේක්ෂිත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලනය තුළ ද දැඩි කතා බහක් ඇති වී ඇති අතර ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ, ඊශ්‍රායලයට නැවත ස්ථාවරව නැගී සිටීමට එකසත් ජනපද සහාය ලැබෙනා බවයි. මෙම ප්‍රකාශය ඊශ්‍රායලයට යුද්ධයට ඉදිරියට ගෙන යාමට ලැබුණු කොළ එළියක් ලෙසද ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරයි.
එමෙන්ම හැකි ඉක්මනින් සාමය ළඟා කර ගැනීමට ජාත්‍යන්තර සමාජය එකට එකතු විය යුතු බව චීනය නිවේදනයක් නියුත් කරමින් ප්‍රකාශ කර තිබීමද ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය ට හේතු වූ කාරණාවක් විය.
මෙලෙස ඊශ්‍රයලයේ සිය ආරක්ෂයක යාන්ත්රයට අභියෝගයක් වෙමින් එය බිඳ දැමූ දෙවන අවස්ථාව ලෙස ද මෙම හමාස් ප්‍රහාරය ඉතිහාසයේ සදහන් වේ.
රසිත ජයවීර