ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාර්ති ට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීම නිසා කථානායක ධූරය ඔහුට අහිමි වී තිබේ.
විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමේ දී ඔහුට විරුද්ධව ඡන්ද 216ක් හා පක්ෂව ඡන්ද 210ක් ලැබී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය සම්මත විය. මෙහිදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඔහුට විරුද්ධව ඡන්ද 8ක් ලැබී තිබීම ද සුවිශේෂී කාරණයක් විය.
මෙලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු විශ්වාසභංගයක් සම්මතයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
විශ්වාසභංගය පරාජය වීමෙන් පසුව සභාව අමතමින් කෙවින් මැකාර්ති ප්‍රකාශ කර සිටියේ තමා නැවත කථානායක ධූරයක් සඳහා තරග කිරීමේ කිසිඳු අදහසක් නැති බවය.