තල්මහෙකු බෝට්ටුවකට සිදුකළ පහර දීමකින් ඕස්ට්‍රේලියාවේ අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.
සිඩ්නි නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 14ක් (සැතපුම් නවයක්) ඔබ්බෙන් වූ ලා පෙරුස් මුහුදු ප්‍රදේශයේ ධීවර ගවේෂණයක යෙදී සිටි පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබුණි.
අනතුරෙන් මිය ගිය පුද්ගලයා 61 හැවිරිදි වියේ පසුවන්නෙක් වූ අතර එම කණ්ඩායමේ නායකයා ලෙස හදුනාගත් අනෙකා වතුරේ පාවෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන ලදී. ඔහු හොද සෞඛ්‍ය තත්වයෙන් රෝහලේ පසුවන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.