එළඹෙන ඔක්තෝබර් 5 වනදා සිට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සමස්ත ත්‍යාග මුදල අද හෙළි කළේය.
ඒ අනුව සමස්ත ලෝක කුසලාන තරගාවලියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ත්‍යාග මුදල් බෙදා දීමට තීරණය කර ඇති අතර ලෝක ශූරතාව දිනනා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් ද, අනුශූරයින්ට ඩොලර් මිලියන 02 මුදලක් ද ලබා දීමට තීරණය වී තිබේ.
මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 10 ක් එක්වන අතර එම සෑම කණ්ඩායමක් ම එකිනෙකා හා තරග වැදීමට නියමිතව තිබේ. එයින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර ලබා ගන්නා කණ්ඩායම් අවසාන පූර්ව වටයට තේරී පත් වේ.
ලෝක කුසලාන තරගාවලියට දින ළංවත්ම එයට සහභාගී වන එනෙකුත් කණ්ඩායම් බොහොමයක් මේවනවිට සිය ලෝක කුසලාන සංචිත ප්‍රකාශයට පත් කොට තිබුණද ශ්‍රීලංකා කණ්ඩායම, තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනය අතර මතුව ඇති අභ්‍යන්තරික ප්‍රශ්න නිසා ශ්‍රීලංකා ලෝක කුසලාන සංචිතය නම් කිරීම තවදුරටත් කල් ගොස් තිබේ.
නමුත් ශ්‍රීලංකා ලෝක කුසලාන සංචිතය ද දසුන්ගේ නායකත්වය යටතේම ඉදිරියට යනු ඇති බවට විචාරකයින් මත පළ කරයි.
රසිත ජයවීර