පසුගියදා ලිබියාවට බලපෑ අති ප්‍රබල කුණාටුවෙන් පසුව ඇතිවූ දැඩි ගංවතුර තත්වයත්, ඩර්නා නගරයේ තිබූ වේලි දෙකක් දැඩි වර්ෂාපතනය නිසා බිඳවැටීමත් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව නගෙනහිර ලිබියාවේ ඩර්නා වරාය නගරයේ නගරාධිපතිවරයා පවසයි.
මෙම ඩර්නා නගරයේ 100,000 ට අධික පිරිසක් ඒ විටත් වාසය කරමින් සිට තිබුණි. මේ වනවිට තව දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සිටී.
ලිබියාවේ එකිනෙකට ප්රතිපක්ෂ ආණ්ඩු දෙක එකිනෙකට ඒකාබද්ධව විපතට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරණු දක්නට ලැබුණි.
ලිබියාවේ පාලනය ගෙනයන අනෙක් ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ, මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු දුසිම් ගණනින් මුහුදේ පාවෙනු දැකිය හැකි බවයි
මීට අමතරව ලිබියාවට අසල්වැසි අප්‍රිකානු රටවලද සහාය මේ වනවිට ලැබී ඇති අතර ඊජිප්තුව, ටියුනීසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ තුර්කිය මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටී.