දුම්රිය ලොකොමෝටිව් රියදුරු සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනය සේවා ස්ථාන කරා ග්මන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත් වීම හේතු කොට ගෙන ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිවරයා විසින් අතිවිශේෂ ගසට් නිවේදනයක් නිකුත් කළේය.
අද දිනයේ සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය හැරගියා සේ සලකන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
ඒ අනුව අද (13) උදෑසන කාර්යාලීය දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම සැලසුමට අනුව කොළඹ කොටුව දක්වා උදෑසන කාලයේ දුම්රිය ගමන් වාර 15 කුත් පුත්තලම් මාර්ගයේ කොළඹ දක්වා දුම්රිය ගමන්වාර 4කුත් ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබේ.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 4කුත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 17කුත් ක්‍රියාත්මක වීමට නියමිතය.
නමුත් ප්‍රධාන මාර්ගයේ දුම්රියන් තරමක ප්‍රමාදයකින් ධාවනය වීම නිසා අද උදෑසන දුම්රියන් හි තදබදයක් තිබෙනු දැකිය හැකි විය.
මේ අතර දුම්රිය ස්ථානයන්හි ආරක්ෂාව සඳහා යුධ හමුදාව කැඳවීමටද පියවර ගෙන තිබුණී.
රසිත ජයවීර