අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවය. ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දුම්රිය රියදුරන් මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද උදෑසන සිට මේ දක්වා දුම්රිය 39ක් පමණ අවලංගු කර ඇති බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය නියොජ්‍ය සාමාන්යාධී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ තම ඉල්ලීම් ලබාදෙන තුරු අඛන්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවය.