2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව අද (05) අලුයම සිදුකරන ලද විශේෂ හෙළිදරව්ව සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමෙන් පරීක්ෂණයක් පවත්වන බව ඇමති මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කළේය.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කැබිනට්ටුව තීරණයක් ගෙන අති බවත් අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.