උතුරු දුම්රිය මාර්ගය ලබන වසරේ ජනවරියේ සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මාස හයක කාලයක් වසා තැබීමට රජය තීරණය කර තිබේ.
ප්රවාහන ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවේ, උතුරු දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කොට අවසන් වූ පසුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර 100 වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ලැබෙන බවයි.
කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු නුදුරේදීම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළ අතර දුම්රිය ධාවනයේ වේගය වැඩි කිරීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ගයේ වේග සීමා ඉවත් කිරීමට ද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.