නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(01) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී තිබේ.
ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
පවතින වර්ෂාව හමුවේ කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 03 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරිණ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , බුලත්සිංහල හා ඉංගිරිය; කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට හා රුවන්වැල්ල; රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් ට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.