ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙප්ට්කෝ) තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361කි.
තවද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 35කින් ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති අතර ඒවායේ නව මිල ගණන් පිළිවෙළින් රුපියල් 341ක් සහ රුපියල් 359ක් වේ.
මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 231ක් වේ.
මේ අනුව සිපෙප්ට්කෝ වැඩිකර ඇති මිල ගණන්වලට අනුපාතව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමෙනු ඇති.