අධ්‍යාපනික විශිෂ්ටත්වය වෙත පමණක් ම අවධානය යොමු කරන වර්තමාන අධ්‍යාපන ක්ෂේත්රය තුළ, කොළඹ කලා හා විද්‍යා පාසල (CSAS) සාකල්‍ය ඉගෙනුම් ක්ෂේත්‍ර ආවරණය කරමින්, විශිෂ්ට ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා සිසු සිසුවියන්ට මඟ පෙන්වයි. විදුහල්පතිනිය වන ශලීකා ජයලත් මහත්මියගේ මග පෙන්වීම යටතේ, සිසු සිසුවියන්ගේ පුද්ගල වර්ධනය වෙනුවෙන් කැප වන CSAS නව ප්රවේශයන් ඔස්සේ සුවිශේෂී ප්‍රතිඵල ලබා දීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරයි.
“අපි ඉගෙනීමට දුර්වල සිසුන් අත් නො හරිමු ” යන තේමාව මුල් කර ගනිමින්, සිසු සිසුවියන්ගේ න්‍යායාත්මක දැනුම මෙන් ම, ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන CSAS හි සිසු සිසුවියෝ 2023 ජූනි මාසයේ දී පවත්වන ලද Cambridge Assessment International Education (CAIE) විභාගවල දී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වූහ.
මෙවර විභාග සඳහා පෙනී සිටි සෑම CSAS සිසුවෙක් හා සිසුවියක් ම සමත් වීම තුළින් එම පාසලේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. ඒ අනුව CSAS සිසු සිසුවියන් සියලු දෙනා IGCSE, GCE AS Level සහ GCE A – Level යන විභාග අති විශිෂ්ට ලෙස සමත් වූහ. IGCSE කාණ්ඩය සඳහා ඉදිරිපත් වූ සිසු සිසුවියන් A* සිට C දක්වා ආකර්ෂණීය සාමාර්ථ ලබා ගත් අතර, ඒ අතරින් 78%ක් A* සහ A සාමාර්ථ ලබා ගැනීමට සමත් වූහ. 11 ශ්‍රේණියේ GCE AS Level විභාගය සඳහා ඉදිරිපත් වූ සිසු සිසුවියන් සියලු ම දෙනා විභාගය සමත් වූ අතර, ඉන් 34% ක් A* සහ B සාමාර්ථ ලබා ගත්හ. එමෙන් ම 12 ශ්‍රේණියේ GCE A-L විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සියලු දෙනා සමත් වූ අතර ඉන් 77% ක් A* සිට C දක්වා සාමාර්ථ ලබා ගැනීම තුළින් CSAS හි විශිෂ්ටත්වය තහවුරු විය.
CSAS පාසලේ විදුහල්පතිනිය වන ශලීකා ජයලත් මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ වඩා හිතකර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරමින්, සිසු සිසුවියන්ගේ පුද්ගල වර්ධනය වෙනුවෙන් අපගේ කැප වීම මෙම විශිෂ්ට ප්‍රතිඵලවලින් පෙන්නුම් කරනවා. සෑම සිසුවෙකුට ම, සිසුවියකට ම විශිෂ්ටත්වයට පත් වීමේ හැකියාව ඇති බව අපි විශ්වාස කරනවා. ඔවුන්ගේ හැකියාවන් කුමන මට්ටමක පැවතුණත්, එම හැකියා වර්ධනය කරමින් බල ගැන්වීමට අප කටයුතු කළ යුතුයි.” යනුවෙනි.
CSAS මගින් ක්‍රියාත්මක කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘Boot Camp’ දැක්විය හැකි අතර, එය විභාග සඳහා අත්වැලක් සපයන විකල්ප පුහුණු කඳවුරක් ලෙස හැඳින්විය හැකිය. එමඟින් මෙවර ඉදිරිපත් වූ සිසු සිසුවියන්ගේ හැකියා 50% කින් පමණ වර්ධනය වූ බව පැවසිය යුතු ම කරුණකි.
‘Boot Camp’ හරහා සිසු සිසුවියන්ගේ ලකුණු මට්ටම් ඉහළ නැංවීමට අමතර ව ස්වයං කැපවීම හා විශිෂ්ටත්වය සඳහා වූ අභිලාෂයන් ද ඉහළ නංවයි. ‘Boot Camp’ වෙත සහභාගි වන සිසු සිසුවියන් අඛණ්ඩව A සහ A* සාමාර්ථ ලබා ගැනීම තුළින්, එහි සාර්ථකත්වය පිළිඹිබු කරයි.
CSAS හි සාකල්‍ය දර්ශනය, මානසික සවි බල ගැන්වීම පෝෂණය කරන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර, එමගින් ස්වයං අධ්‍යනය, තර්කන ශක්තිය සහ ආචාරධර්ම ආදිය ප්‍රවර්ධනය කරමින් සිසු සිසුවියන්ට ජීවිතයේ අභියෝග සඳහා සාර්ථක ව මුහුණ දීමේ හැකියාව ද වර්ධනය කරයි.
ජයලත් මහත්මිය තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “අපි හුදෙක් විභාග ප්‍රතිඵල පසුපස පමණක් හඹා යාමෙන් වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින්, සිසු සිසුවියන් වෙත ජීවිතය කියා දෙන ස්වයං අධ්‍යන මාවතක් වෙත ඔවුන් යොමු කරනවා. අපගේ ‘Boot Camp’ සංකල්පය මගින් විශිෂ්ටත්වයට පත් වීම සඳහා ශක්තිමත් මානසිකත්වයක් ගොඩ නංවනවා. අපි සිසු සිසුවියන් තුළ තමා පිළිබඳ විශ්වාසය ගොඩ නංවමින්, සාර්ථකත්වයට පත් වීම සඳහා නිරන්තර සහයෝගය ලබා දෙනවා.” යනුවෙනි.
‘Boot Camp’ හි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමයි. පෞද්ගලික විශිෂ්ටත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා සිසු සිසුවියන් තුළ සහයෝගීතාව සහ සුහදත්වය පෝෂණය කිරීමට මෙහි දී අවධානය යොමු කෙරෙයි. ‘Boot Camp’ වෙත සහභාගි වීමෙන් අනතුරුව මෙවර IGCSE සඳහා පෙනී සිටි සිසු සිසුවියන් එක හා සමාන ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වීමෙන් එකමුතු කමට සහ අන්‍යෝන්‍ය සහයෝගයට සාක්ෂි සපයයි.
අධ්‍යාපනික විශිෂ්ටත්වයට මෙන් ම සුවිශේෂී පෞරුෂයන් නිර්මාණය කිරීමට ද දිරි ගන්වමින් නායකත්වය ලබා දෙන CSAS, ‘Boot Camp’ වැනි නව්‍ය කරණයෙන් යුත් වැඩසටහන් හරහා සිය සිසු සිසුවියන් හැකියාවන්ගෙන් පිරුණු අනාගතයක් කරා යොමු කරයි.
අවසන් වශයෙන් අදහස් දක්වමින් විදුහල්පතිතුමිය පැවසුවේ, CSAS යනු ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව සහයෝගය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරමින්, හෙට දවසේ වගකිවයුතු නායකයින් බිහි කරන තෝතැන්නක් බවයි.