ජාත්‍යන්තරව වෙළඳ කටයුතු සිදුකරන යන ප්රමුඛ පෙළේ චීන ඛනිජ තෙල් සමාගමක් වන Sinopec, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ, මත්තේගොඩ ස්ථාපිත කරන ලද දිවයිනේ ප්‍රථම ගොනු කිරීමේ මධ්‍යස්ථානයට ඉන්ධන සැපයීම මගින් ව්‍යාපාර කටයුතු නිල වශයෙන් ආරම්භ විය.
Sinopec Fuel Oil Lanka ඊයේ (30) වෙළඳපල ප්‍රවර්ධන ව්‍යාපාරයක් මඟින් සිය මෙහෙයුම් ආරම්භ කළේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට රු. 3.00 වට්ටමක් ලබා දෙමිනි.
2023 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් වෙත බහුජාතික තෙල් හා ගෑස් සමාගමක් වන ෂෙල් පීඑල්සී සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්රදානය කිරීමට අනුමැතිය ලබා දුන්නේය.
ඉන් අනතුරුව, දිවයින පුරා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් Sinopec Fuel Oil Lanka සහ එහි මව් සමාගම සමඟ දිගුකාලීන ගිවිසුමකට එළඹිණි.
ඒ අනුව Sinopec සමාගමට ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී ඇති අතර, නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ලැබේ.