දහසයවන ආසියානු කුසලාන තරගාවලිය ඊයේ (30) පාකිස්තානයේ මුල්තාන් ක්රිකට් ක්රීඩාංගනයේ දී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානය හා නේපාලය තරගබිමට පිවිසි අතර කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
දැඩි ප්රහාරයක් දියත් කළ පාකිස්තානය සිය පන්දුවාර 50 තුළ කඩුළු 06 ට ලකුණු 342 ක් ලබා ගැනීමට සමත් විය. එහිදී අගනා ඉනිම් දියත් කළ බාබර් අසාම් හා ඉෆ්තිකාර් අහමඩ් පිළිවෙළින් ලකුණු 151 ක් සහ නොදැවී 109 ලබා ගත්හ.
පන්දු යැවීමෙන් සෝම්පාල් කාමි ලකුණු 81ට කඩුළු 2 ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිමට පැමිණි නේපාල කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.
එහිදී සෝම්පාල් කාමි ලකුණු 28ක් රැස් කරගත් අතර ෂඩාබ් ඛාන් ලකුණු 27 කඩුළු 4 ක් බිඳ දැමීය.
ඒ අනූව පාකිස්ථානය ආසියානු කුසලාන තරගාවලියේ ප්රසාද ලකුණු 2ක් සමගින් ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.
ලකුණු සටහන
පාකිස්ථානය – 342/6 (50)
බාබර් අසාම් – 151
ඉෆ්තිකර් අහමඩ් – 109*
සෝම්පල් කාමි – 2/81
නේපාලය – 104 (23.4)
සෝම්පාල් කාමි – 28
ෂඩාබ් ඛාන් – 4/27