ඓතිහාසික කන්ද උඩරට දළදා මාළිගාවේ ඇසල මහා මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර ඊයේ (30) යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
මෙවර පෙරහැර මංගල්‍යය අලි ඇතුන් ප්රමුඛ කොට ගත් විචිත්‍ර සංස්කෘතිකාංග බොහෝමයකින් සමන්විත වූ අතර පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බොහෝ පිරිස් පැමිණියහ.
මෙවර සඳාතුක කරඬුව වැඩමවීමේ භාග්‍යය කතරගම දේවාලයේ වාසනා හස්තියා ට හිමිවූ අතර දෑලේ ඇතුන් ලෙස සිංහරාජා සහ කණ්ඩුල යන හස්තීන් ගමන් කළහ.
මෙම පෙරහැර නැරඹීම සඳහා ජනපතිවරයා, ඇමරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්, ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් ඇතුළු දෙස් විදෙස් තනාපතිවරුන් රැසක් ද සහභාගී විය.
අද උදෑසන ගැටඹේ තොටේ දී දිය කැපීමේ චාරිත්‍රය සිදු කළ අතර ඒ අනුව මෙවර ඇසල පෙරහැර මංගල්‍යය අවසන් විය. දහවල් පෙරහැර සිදුකිරීමෙන් පසුව පෙරහැර සන්නස ජනපතිවරයාට භාර දීමට නියමිත ය.