දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් දායකවන නවතම සිනමාපටය වන “Jailer” හි රූප රාමු කිහිපයක පෙනී සිටින කුලියට මිනී මරනා අයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීගයෙහි (IPL) ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම සම්බන්ධව එම චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව අදාළ කණ්ඩායමේ අයිතිකරුවන් පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර තිබුණේ එම රූපරාමු නැවත සංස්කරණය කර සැප්තැම්බර් මස 01 වනදා සිට නව සංස්කරණය ප්‍රදර්ශනයට එක් කරනා ලෙස ය.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම චිත්‍රපට සමාගම විසින් අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට සිය එකඟත්වය පළ කර ඇති බවය.
චිත්‍රපටය පසුගිය 10 වනදා සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වූ අතර මේ වනවිට ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න බවට වාර්තාවෙයි.
සිනමා පටය තිරගත වීමට ප්‍රථම යූ-ටියුබ් සමාජ මාධ්‍යය හරහා මුදාහරින ලද එහි ඇතුළත් “Kaavaalaa” ගීතය මේ වනවිට ලොව පුරා නැරඹුම් වාර මිලියන 159ක් ඉක්මවා ගොස් තිබේ. මේ සිනමා පටයේ ජනප්‍රියත්වයට එම ගීතය ද බොහෝ පිටිවහලක් වූවා නොඅනුමානය.
රසිත ජයවීර