අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 08ක් වෙනුවෙන් රුපියල් බිලියන 05ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත මුදා හැර තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට(29) හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
හෙට (29) දිනයේ දී මේ හා සම්බන්ධ වී සිටින රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා කිසිදු බාධාවකින් තොරව නව වැඩපිළිවෙළ අනුව ජනතාවට එම ප්රතිලාභ ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරනා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට ලක්ෂ 15 ක පමණ ප්‍රතිලාභීන් පිරිසක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන තිබේ.
සාවද්‍ය තොරතුරු ලබාදී යමෙක් අයුතු ප්රතිලාභ ලබාගෙන තිබේ නම් එම මුදල් රජයට අය කරගනිමින් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.