සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනය, LMD සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි, අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය. මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතර, එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකි. දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.
ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපීපෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට නෙස්ටොමෝල්ට් සන්නාමයට හැකිවිය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතර, ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට ද, ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය. අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමයට බවට පත්වීම අපට විශාල ගෞරවයක්. මේ හරහා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිළිගැන්වීමටත්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත් අප සතු කැපවීම පෙන්නුම් කරන අතරම, අපගේ පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් සතු විශ්වාසය සහ ළබැඳියාවත් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම අපගේ සන්නාම හතරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට පත්වීම පිළිබඳවත් මම බොහෝ සේ සතුටු වෙනවා. මේ සෑම සන්නාමයක්ම ගොඩනැංවීම සඳහා අපි විශාල පරිශ්‍රමයක්, උනන්දුවක් සහ කැපවීමක් සිදුකොට තිබෙනවා. එවන් පසුබිමක ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ පාරිභෝගිකයින් සහ අපගේ සන්නාම අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟී තිබෙනු දක්නට ලැබීම මහත් සතුටක්. මෙවැනි බුහුමුන් මගින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීමට ලැබෙන්නේ මහත් දිරියක්. අපි ඉදිරියටත් නව්‍යතාවය තුළින් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්ට, ප්‍රජාවට මෙන්ම පරිසරයටත් ධනාත්මක දායකත්වයක් ලබාදෙනවාරෑ, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.
වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කිරීමේ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මක බවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. 1906 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.