2023 වසරේ ශ්‍රී ලංකාව තුළ Uber ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ ප්‍රධාන ප්රවණතා පිළිබඳ ව එම සමාගමේ වාර්ෂික දත්ත වාර්තාව වන ‘How Sri Lanka Ubered‘ මඟින් එළිදැක්වීමට කටයුතු කර ඇත.
2023 වසරේ දී Uber මෙරට ජනතාව වෙත ගමනාගමන පහසුකම් ලබා දීම වෙනුවෙන් සිදු කර ඇති සංචාරවලින් ආවරණය වූ මුළු කිලෝමීටර් සංඛ්‍යාව, නගරාන්තර සංචාර ආශ්රිත ව ජනප්‍රියතම ගමනාගමන ප්රවණතා සහ යතුරුපැදි ආශ්රිත ගමනාගමන පහසුකම් සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් සහිත නගර පිළිබඳ මෙම වාර්තාව මගින් තොරතුරු අනාවරණය කර ඇත. දත්ත සහ තීක්ෂණ බුද්ධිය පදනම් කර ගනිමින් සකස් කර ඇති මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ ගමනාගමන ප්රවණතා පිළිබඳ ව ඉතා හොඳ විශ්ලේෂණයක් සපයයි.
Uber දිවයිනේ ප්‍රියතම ප්‍රවාහන සේවාවක් බවට පත් වී ඇති අතර, එමගින් විවිධ කාණ්ඩ ඔස්සේ මෙරට ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇත. 2023 වසර තුළ Uber ලබා දී ඇති සමස්ත ප්‍රවාහන සේවා මගින් කිලෝමීටර මිලියන 140කට වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මාර්ග ජාලයේ සමස්ත දුර ප්‍රමාණය වන කිලෝමීටර් 114,000ක ප්‍රමාණය 1200 වාරයකට වැඩි වාර ගණනක් හෝ එම දුර ප්‍රමාණය දිනකට තුන් වරකට වැඩි වාර ගණනක් ගමන් කිරීම හා සමාන දුර ප්රමාණයකි.
Uber Tuk සහ Uber Zip මෙරට ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යන් ලෙස හඳුන්වා දිය හැකි අතර, පාරිභෝගික අවශ්‍යතාවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් 2023 වසරේ දී හඳුන්වා දුන් Uber Moto යතුරුපැදි ටැක්සි සේවාව වර්තමානය වන විට සීඝ්රයෙන් ම වර්ධනය වන සේවාවක් බවට පත් වී ඇත. ශ්‍රී ලාංකික ජනතාව Tuk සහ Moto සේවාවන්ට කැමැත්තක් දැක්වීමට හේතු වී ඇත්තේ එමගින් පහසුවෙන් කුලී රථයක් ගෙන්වා ගැනීමේ හැකියාව සහ දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වීමයි.
2023 වසරේ Uber මගින් ප්‍රවාහන සේවා වැඩි ම ප්‍රමාණයක් ලබා ගත් නගරය වන්නේ කොළඹ වන අතර, එහි දී තිඹිරිගස්යාය ප්‍රාදේශීය බල ප්‍රදේශය කොළඹ නගරය තුළ පෙරමුණ ගැනීමට සමත් වී ඇත. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශය තුළ රාත්‍රී සංචාර, සති අන්ත සංචාර සහ කාර්යාල වේලාවන් තුළ සිදු කෙරෙන සංචාර යන සියලු ම අංශ සඳහා Uber යොදා ගැනීම ජනතා ආකර්ෂණය පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය.
පහත දැක්වෙන්නේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව තුළ Ubered ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දළ විශ්ලේෂණයකි.
● බහුතරයක් Uber සංචාර වෙන් කිරීම් සවස 5 සිට 6 දක්වා සිදු කර ඇත.
● සතිය තුළ Uber රථයක් වැඩි වශයෙන් ම වෙන් කරවා ගන්නා දිනය වන්නේ සිකුරාදා වේ.
● සුවිශේෂී සංචාරක මාසයක් වන දෙසැම්බර් මාසයේ නත්තල් සති අන්තය, පුර පසළොස්වක පොහෝ දිනයන් සහ අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු උත්සව කාල සීමාව මාසයක් තුළ වැඩි ම Uber සංචාර වෙන් කර ඇති අවස්ථා ලෙස දැක්විය හැකිය.
● ශ්‍රී ලාංකිකයින් තමා සේවය කරන නගරවල සිට ගම් බිම්වලට යන අවස්ථාවල දී හෝ නිවාඩුවක් සඳහා පිටත් ව යන විට, වැඩි වශයෙන් Uber වෙන් කිරීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති දිනය වන්නේ 2023 දෙසැම්බර් 22 යි.
● 2023 වසරේ දී සති අන්තයේ කොළඹ සිට Uber Intercity භාවිත කරමින් වැඩි වශයෙන් ගමන් ගත් සංචාරක ගමනාන්තය වන්නේ දකුණු පළාතයි.
වැඩි ම ගමන් වාර සංඛ්‍යාවක් වාර්තා වූ නගර
- කොළඹ
- මහරගම
- දෙහිවල
- කඩුවෙල
- කැස්බෑව
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරාන්තර ගමනාන්ත
- බේරුවල
- වැලිගම
- ගාල්ල
- බෙන්තොට
- හබරාදූව
ඉහත සඳහන් ප්‍රමුඛතම නගරාන්තර ගමනාන්ත 5 ම වෙරළ තීර සහිත ප්‍රදේශ වීම තුළින් සියලු ම දෙනා ශ්‍රී ලංකාවේ වෙරළට ආදරය කරන බව මෙම වාර්තාව මගින් අවධාරණය කරයි.