හෝමාගම කර්මාන්තපුරයේ අද (18) ගින්නක් හටගෙන ඇති අතර පොලිසිය සඳහන් කලේ අලුයම 3 පමණ වනවිට ගින්න නිවා දැමීමට සමත් වූ බවයි.
මෙම ගින්න තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගෙන ඇති අතර විටින් විට සිදුවන රසායනික ද්‍රව්‍ය පුපුරායාම් හේතුවෙන් එය නිවා දැමීම අසීරු වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේද සහය ඇතිව ගින්න නිවා දමා තිබේ. ඒ සඳහා ගිනි නිවීම් සේවා රථ 06ක් හා කාර්ය මණ්ඩලයයේ සහය ලබා ගැනුණි.
ගින්න හේතුවෙන් වායුවේ ගුණාත්මක භාවයට බලපෑම් සිදු වී දැයි යන්න සොයා බැලීම මේ වනවිට සිදු කෙරේ.