ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරග තුනකින් යුතු පාකිස්තාන – ඇෆ්ගන් එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ (22) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේ දී ආරම්භ විය.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 47.1 පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 201 කි. එහිදී ඉමාම් උල් හක් ලකුණු 61ක් රැස් කරගත් අතර ෂදාබ් කාන් ලකුණු 39 රැස් කරගත්තේය.
පන්දු යැවීමේදී මුජීබ් උර් රෙහෙමාන් ලකුනු 33 කට කඩුළු 3ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානුවන්ට ප්රබල පාකිස්තානු පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.2 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 59ක් පමණි. ඒ අනුව පාකිස්තානය ලකුණු 142 ක පරතරයක් අතිව විශිෂ්ට ජයක් ලබා ගත්හ. පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ හැරිස් රවුෆ් ලකුණු 18 ට කඩුළු 5 ක් බිඳ හෙළීය.
තරගයේ වීරයා හැරිස් රවුෆ්. දෙවන එක්දින තරගය හෙට සූරියවැව ක්රීඩාංගනයේ දී දිවාරාත්රී තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ලකුණු පුවරුව
පාකිස්තානය – 201 (47.1)
ඉමාම් උල් හක් – 61
ෂදාබ් ඛාන් – 39
මුජීබ් උර් රෙහෙමාන් – 3/33
ඇෆ්ගනිස්ථානය – 59 (19.2)
රහමතුල්ලා ගුරුබාස් – 18
හැරිස් රවුෆ් – 5/18