හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
නුවරඑළිය, හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් කන්දෙඇල ප්රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් මෙකී ශාඛ කොටස් කොල්ලුපිටිය වෙත යැවීමට සූදානම් කර තිබූ බව තොරතුරු අනාවරණය වී ඇතැ බව කියයි.
දුර්ලභ ගණයේ මෙම ශාඛ කොටස් පෙට්ටි කර තිබූ අතර මල් ලෙස සඳහන් කර තිබූ Syzygium ශාක ඝනයේ අතු කිලෝ ග්රෑම් 70 ක් පමණ අඩංගු පෙට්ටි 06ක්, Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කිලෝ ග්රෑම් 26 ක් බැගින් වූ පෙට්ටි 02ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
( සිසිර ලලිත් කුමාර – ලංකාදීප )