යුරෝපයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය කරන රැජිණ ලෙස සැලකෙන ඩෙන්මාර්කයේ දෙවන මාග්රේතා රැජිණ වසර 52ක කාලයක් පුරා හෙබවූ සිහසුන අත්හැරීමට තීරණය කර ඇති බව නිවේදනය කළාය.
ඒ අනුව ඇය එළඹෙන ජනවාරි 14 වනදා සිහසුන අත්හරින අතර ඇගෙන පුරප්පාඩුවන සිහසුන සඳහා ඇගේ වැඩිහල් පුත් ඔටුන්න හිමි ෆ්රෙඩ්රික් කුමරු පත් වීමට නියමිත ය.
1972 දී සිංහාසනාරූඩ වූ ඈ, මේ වනවිට 83 වන වියෙහි පසුවන අතර ඈ විසින් සාම්ප්‍රදායිකව සිදු කරන නව අවුරුදු දේශනය අතරතුරදී තමා රාජ්‍යත්වය අත්හරින බව නිවේදනය කළාය. සිය සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වෙමින් මේ තීරණය එළෙඹි බව එහිදී ඈ වැඩිදුරටත් සඳහන් කළාය.
2022 වසරේ සැප්තැම්බරයේ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ මියයාමත් සමග මාග්රේතා රැජිණ යුරෝපයේ වැඩිම කලක් රාජ්‍ය පාලනය කරනා පුද්ගලයා බවට පත්විය.