අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, එය 2023 අගෝස්තු 18 වන දින කුරුණෑගල Epitome හි දී පැවැත්විණි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විකුණුම් බලකායෙහි විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරුණු මෙම උත්සවය මඟින් ඉදිරි කාල වකවානුව අති සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් වෙත යම් දිරිගැන්වීමක් ලබා දීම ද අපේක්ෂා කෙරිණි.
මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල, අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට අමතරව සංවිධානය කෙරෙන නවතම වැඩසටහනක් වන අතර, කණ්ඩායම අභිප්‍රේරණය කරමින්, ජයග්‍රහණ කරා ඔවුන් යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබේ. කලාපීය සහ සමස්ත ලංකා මට්ටමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ජයග්‍රහණ අත් කර ගන්නා, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමට සම්බන්ධ කලාපීය හා සියලුම මට්ටම් නියෝජනය කරන රක්ෂණ උපදේශකයින්, නියෝජිත කළමනාකරුවන් සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් මෙම සම්මාන ප්රදානෝත්සවය මගින් ඇගයීමට ලක් විය.
අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි වර්ධනය වෙනුවෙන් ආදර්ශමත් ආකාරයෙන් කැපවීම, නායකත්ව ලක්ෂණ මෙන් ම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන, අති දක්ෂ විකුණුම් කරුවන් මෙහි දී සම්මාන දිනා ගත් අතර, මීගමුව ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු විශ්ව හිරුමාල් රණසිංහ මහතා සමස්ත ලංකා හොඳ ම රක්ෂණ උපදේශකවරයාට හිමි සම්මානයට හිමිකම් කීවේය. එහි දී සමස්ත ලංකා හොඳ ම ව්‍යාපාර සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය තිරුනෙල්වේලි ශාඛාවේ නියෝජිත කළමනාකරු උදයසීලන් ප්‍රියංගන් මහතා දිනා ගත් අතර, දිවයිනේ හොඳම සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය එම ශාඛාවේ ම ව්‍යාපාර බෙදාහැරීම් කළමනාකරු වන සීනිජන් ඥානේෂ්වරන් මහතා දිනා ගැනීමට සමත් විය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ හා විකුණුම් කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ප්‍රකාශ කර සිටියේ, “ මෙම ප්‍රථම අර්ධ වාර්ෂික සම්මාන උළෙල අලියාන්ස් ලයිෆ් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අපගේ අති දක්ෂ විකුණුම් නිලධාරීන් හා නිලධාරිනියන් හඳුනාගෙන ඔවුන් ඇගයීම අපි මෙම සම්මාන උළෙල හරහා සිදු කරනවා. අපගේ ඉලක්කය වන්නේ අපගේ විකුණුම් බලකාය තුළ පවතින විශිෂ්ට දක්ෂතා ඔප්නංවා ගැනීමට ඔවුන්ට සහයෝගය ලබා දෙමින්, ඔවුන් ජයග්‍රහණ කරා මෙහෙයවීමයි. අපගේ අලෙවි බලකායේ ජයග්‍රහණ අගයමින්, අනාගත ජයග්‍රහණ සඳහා ඔවුන් මෙහෙයවන මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල ඉදිරියේදීත් අඛණ්ඩව පැවැත්වීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.
මෙවැනි වැඩසටහන් හරහා සිය කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම තුළින් සිය පාරිභෝගික භවතුන් සහ හවුල් කරුවන් වෙත අසම සම සේවාවක් ලබා දීමට කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ජයග්‍රාහී ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු කරයි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යන සමාගම් ද්විත්වයේ එකතුව අලියාන්ස් ලංකා නමින් හැඳින්වෙන අතර, එය ජර්මනියේ මියුනික් අගනුවර මූලස්ථානය කරගනිමින්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන අලියාන්ස් එස් සී හි පූර්ණ අනුබද්ධිත සමාගම් සමූහයකි. අලියාන්ස් සමූහය සතු ප්‍රාග්ධන ශක්තිය සහ ව්‍යාපාරික විශේෂඥතාව එහි සාර්ථකත්වයට ප්‍රබල ලෙස හේතු වී ඇති අතර, සිය ගුණාත්මක සේවා සහ නවෝත්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට අලියාන්ස් ලංකා සමාගම කැප වෙයි.