සෑම දරුවෙකුටම අධ්‍යාපනය සඳහා ප්‍රායෝගිකව ප්‍රවේශ විය හැකි ඩිජිටල් මුලපිරීමක් වන ‘Atlas World’ සඳහා Atlas Axillia Co. (Pvt) Ltd ආයතනය, පසුගියදා SLIM Digis හිදී ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන්ගේ මනසට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගත් මෙම මුලපිරීම සඳහා Atlas Axillia ආයතනය මෙහිදී විශිෂ්ට සම්මාන තුනක් හිමි කර ගත්තේ ය.
අධ්‍යාපනික දැනුම වැඩිදියුණු කිරීමෙහිලා Atlas Axillia සන්නාමයේ කැපවීම අගය කරමින්, අධ්‍යාපනයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නය සඳහා රිදී සම්මානයකින්ද, ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් සැපයීමට දරන ලද මුලපිරීම වෙනුවෙන් Cross Media Integration කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයකින්ද සහ ආයතනික සමාජ වගකීම් (CSR) අරමුණු යටතේ ‘Atlas World’ සඳහා ඩිජිටල් අලෙවිකරණ කාණ්ඩයේ කුසලතාවයකින් පිදුම් ලැබීමට සමත් විය.
මේ පිළිබඳව Atlas Axillia හි කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා සිය කෘතඥතාව පළකරමින් මෙසේ පැවසීය. “SLIM Digis වෙතින් ලද මෙම පිළිගැනීම අපට සැබවින්ම ගෞරවයක් වන අතරම මේ ගමනට සහයෝගය ලබා දුන් සැමට මා ස්තූතිවන්ත වෙනවා. සෑම කෙනෙකුටම සමාන අධ්‍යාපනික ප්‍රවේශයක් හිමි කරදීම මූලික අයිතිවාසිකමක් බව අප හොඳින් දන්න නිසා ඒ සිතුවිල්ල මත මෙම ‘Atlas World’ සංකල්පය නිර්මාණය කළේ සෑම දරුවෙකුටම සාර්ථක වීමට අවශ්‍ය මෙවලම් සහ අධ්‍යාපනින සහයෝගය ලබා දීම සඳහායි. සන්නාමයක් වශයෙන් අප ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ප්‍රවේශයක් සහිත අනාගතයක් උදෙසා නිරන්තරයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද SLIM Digis, ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන් සහ ඒවායෙහි ප්‍රගතිය පැසසුමට ලක් කරයි. මෙරට අධ්‍යාපන පද්ධතියට සහාය වීම සඳහා ඩිජිටල් සහ භෞතික විසඳුම් ඒකාබද්ධ කිරීමේ කාර්යභාර්යයේදී Atlas Axillia සන්නාමය මෙවර සම්මාන උළෙලේ දී කැපී පෙනුණි. අධ්‍යාපනික ඩිජිටල්කරණයේ වැදගත්කම මනාව හඳුනා ගනිමින් ‘Atlas World’ මගින් Atlas Learn, Quiz Master සහ Craft Buddies වැනි වේදිකාවන් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා නවීන ප්රවේශයන් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලාංකික සිසු දරුවන් මුහුණ දෙන මුල්‍යමය සහ චිත්තවේගී අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම ඩිජිටල් ප්රවේශයන් නිර්මාණය කර ඇත.