සහල් ව්‍යාපාරිකයින් සහ ගොවීන් සහල් තොග සඟවා ගනිමින් ව්‍යාජ සහල් හිඟයක් මවා පෑමට උත්සාහ ගන්නා බව කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පුත්තලමේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.
රට තුළ සහල් හිඟයක් නෑ. නමුත් මේවනවිට යල කන්නයේ වී අස්වැන්න නෙලා ඇති බැවින් ඒවා තවත් මාස පහකට පමණ ප්‍රයෝජනවත් වන බැවින් ගොවියන් වගේම වී මෝල් හිමියන් ඒවා ළඟ තබාගෙන තියෙනවා. එම නිසා නිසි මිලට හාල් ලබාදීමට නොහකි තත්වයක් උදා වී ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.