ලෝක ප්රකට ලේඛක ශ්රීමත් සල්මන් රුෂ්ඩි ට 2022 පිහි ඇනුමක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින හාඩි මාතාර් ට එරෙහිව එක්සත් ජනපදයේ අධිකරණයක සිදුකෙරෙන නඩු විභාගය ප්රමාදකිරීමට තීරණය වී තිබේ.
ඒ, රුෂ්ඩි විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නවතම පොත පිළිබඳව සමාලෝචනය කිරීමක් සිදුකිරීමට නියමිතව ඇති බැවිනි.
මේ පිළිබඳව විත්තිකාර හාඩි ගේ නීතිඥයින් අධිකරණයේ තර්ක කරමින් ප්රකාශ කොට සිටියේ එම පොත පිළිබඳව සමාලෝචනය නිරත වීමේ අයිතිය තමාට ද ඇති බවය. එසේම ඔවුන් පෙන්වා දුන්නේ අදාළ ග්රන්ථය මෙම ප්රහාරය සම්බන්ධයෙන් කරුණු රැගෙන යන සාක්ෂියක් වනු ඇති බවයි.
මෙම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් පූරි සභාවක් පත් කිරීම ලබන ජනවාරි 8 වනදා සිදු කිරීමට නියමිතව තිබුණද එයද මේ වනවිට කල් ගොස් තිබේ.
2022 වසරේ සිදුවූ එම ප්රහාරයෙන් රුෂ්ඩි ගේ දෑත් වලට හානි සිදුවූ අතර ඔහුගේ දකුණු ඇස අන්ධ විය.
පසුව ඔහු මේ සිදුවීම අළලා “Knife: Meditations After an Attempted Murder” කෘතිය ඔක්තෝබරයේ දී ප්රකාශ කළේය.