පසුගියදා නිකුත් කළ අපොස උසස් පෙල 2022(2023) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තේරී පත්වූ අපේක්ෂකයින්ට විශ්වවිද්‍යාල වෙත අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනය කරයි.
එහි සහාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසූවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙලෙස අපේක්ෂකයින්ට විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ හැකි බවයි.
WWW.UGC.AC.LK වෙබ් අඩෙවියට පිවිස එම අයදුම්පත පුරවා යොමු කළ හැකි අතර ඒ සඳහා අපේක්ෂකයින්ට අද (14) සිට සති තුනක් එනම් ඔක්තෝබර් 05 දක්වා කාලය ලබා දී තිබේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 263,933ක් පෙනී සිටි අතර ඉන් 166,938 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් සපුරා තිබුණි