කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී සය නිවුන් දරු උපතක් සිදුවී තිබේ.
එම බිලිඳුන් සය දෙනාම මේ වනවිට ළඳරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂ්ඥ වෛද්‍ය එල්.පී.සී සමන් කුමාර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ බිලිඳුන් අතරින් පස් දෙනෙකු කාසල් රෝහලේ සහ එක් අයෙකු කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.