සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ පනත් කෙටුම්පත හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී ඔවුන් කියා සිටියේ, රට දැවැන්ත ආර්ථික සමාජයීය හා දේශපාලන පරිහානියක ඇති බවත් අරගලය එයින් මිදෙනු පිණිස බවත්, ආණ්ඩුව ඒවා ගැන අවධානය යොමු නොකොට මාධ්‍ය මර්ධනයට කටයුතු කරන බවත් එම නිසා මෙම පනත් කෙටුම්පත සාකච්ඡාවට පවා භාජනය නොකර විසිකර දමන ලෙසත් ය.
තවද, ප්‍රභූ දේශපාලනය පෙර පරිදි ගෙන යාමට සමාජ මාධ්‍ය හරහා එල්ලවන බලපෑම ඉතා ඉහළ නිසා ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරන බවත්, රටේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කෙරෙන පනත් ගෙන ඒමට නෛතික සහ ආචාර ධාර්මික අයිතියක් ආණ්ඩුවට නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙම මාධ්‍ය හමුවේ දී සයිබර් මාධ්‍ය සාමුහිකයේ විධායක කමිටු සාමාජික සඳුන් ප්‍රියංකර විතානගේ, නුවන් හෙට්ටිආරච්චි, ලංකා ඩී ජයවර්ධන, මමිත් දිසානායක අදහස් දැක්වීය.