ජපානය මේ වසරේ දරන ලද සිව්වන උත්සාහයේදී සඳ මත ගොඩබෑමක් සිදුකළ හැකි රොකට්ටුවක් පසුගියදා සාර්ථකව දියත් කළහ. ඒ අයහපත් කාලගුණය නිසා පෙර දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසුව ය.
“Moon Sniper” ලෙස නම් කර ඇති ලෑන්ඩරය, සියල්ලසැලසුම් කළ පරිදි සිදුවුවහොත් පෙබරවාරි මාසයේදී සඳ මත ගොඩබෑමට අපේක්ෂා කරන බව එම විද්‍යාඥයින් පැවසීය.
ජපානය සිය අභ්‍යවකාශ වැඩසටහනේ යම් යම් පසුබෑම් මධ්‍යයේ වූවද පසුගිය වසරේ සඳ මතුපිටට ළඟා වීමට දෙවරක් උත්සාහ කළ ද ඒවා ව්‍යාර්ථ විය.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මතට ගොඩ බැස්ස පස්වන රට බවට පත්වීමට ජපානයට අවස්ථව තිබේ.
ජපන් චන්ද්‍ර යානය සදේ ෂියෝලි ආවාටය අසල මීටර් 100 (අඩි 328) ක් ඇතුළත ස්ථානයකට ගොඩබැස්වීමට හැකිවනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
එය ඉදිරි මාස හතරක කාලය ඇතුළත සඳ කක්ෂයට ඇතුළු වීමට නියමිතය. පෙබරවාරියේ සදට ගොඩබෑමට පෙර එය මාසයක කාලයක් සඳ වටා ගමන් කිරීම සිදුකරයි.
මෙම සඳ ගමනේ ජපානයේ අරමුණ වන්නේ ඩොලර් මිලියන 100 (පවුම් මිලියන 59) වියදමින් සඳ මත සැහැල්ලු, අඩු වියදම් අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට ටෝකියෝවට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීමයි.
මෙම රොකට්ටුව සමඟ ජපන්, ඇමරිකානු සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන X-Ray Imaging and Spectroscopy Mission (XRISM) චන්ද්‍රිකාව ද රැගෙන යයි.
රසිත ජයවීර