සංචාරකයින්ට, නිවාඩු ගත කරන්නන්ට මෙන්ම සාගර ලෝලීන්ට නේත්රාකර්ෂණීය වින්දනයක් සමඟ සුව පහසු නිවාඩුවක් අත්විදීමට හැකි සුන්දර පරිසරයක් නිර්මාණය කරමින් EKHO Surf, Bentota නවතම මුහුණුවරකින් ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම පරිවර්තනීය වෙනසත් සමඟින් EKHO Surf, Bentota යළි නිල වශයෙන් ආරම්භ කිරීම දෙසැම්බර් 19 දින සිදු කෙරුණු අතර එමඟින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ පෞරාණිකත්වයත්, සදාකාලික සුන්දරත්වයත් මැනවින් විදහා පානු ලබයි.
සිත් වසඟ කරවන අන්දමේ හිරු බැස යාමේ දර්ශන තලයත්, මෘදු වැලි සහ වැඩුණු තණකොළ නිල්ලයෙන් අනූන වූ වෙරළ තීරයකටත් හිමිකම් කියන EKHO Surf හි සුවපහසු කාමර සහ නැවුම් වූ මුහුදු ආහාර වට්ටෝරු සමඟින් ඔබට අංග සම්පූර්ණ සෞම්‍ය නිවාඩුවක අපූර්ව හැඟීමක් ගෙන දෙනු නිසැකය.
වර්ෂ 1972 දී ආරම්භ වූ හෝටල් චාරිකාවේ මතකයන් පිළිබඳ නැවත හැරී බලන විට “EKHO Surf” ලෙසින් අලුත් ගමනක් සනිටුහන් කිරීම ඉතා සුවිශේෂී වනවා සේම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැල්වෙන උණුසුම් අත්දැකීමක් බවට ද පත්ව තිබේ. “EKHO Surf” නමින් මෙය නැවත දියත් කිරීම තුළින් අමුත්තන් හට මෙරට රන්වන් මුහුදු වෙරළෙහි ඔවුනගේ මතකයන් අලුත් කර ගැනීමට ඉඩ සැලසෙන අතර, දශක ගණනාවක් පුරාවට විවිධ පරිච්ඡේදයන් ලියූ අපි අලුත් ගමනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සතුටට පත්ව සිටින්නෙමු.
2023 දෙසැම්බරයේ දී EKHO Surf විසින් පුළුල්තම ප්‍රතිනිර්මාණයක් සහිතව නව පරිච්ඡේදයක් එළිදක්වමින්, නවීන සෞන්දර්යය සහ වෙරළබඩ ආකර්ෂණය කැටි කොටගත් මෙම හෝටල් පරිශ්‍රය, අමුත්තන් හට ආරාධනා කිරීමේ ආකර්ෂණීය හැඩයකින් ද යුක්ත වේ.
අද්‍යතන වූ ලොබි නිර්මාණය සහ වෙරළ ආශ්රිත ස්පර්ශයන් සමඟ නවීන මෝස්තරයන්ගෙන් හැඩ ගන්වා තිබුණද නවීන කාමරයන් තුළ සම්ප්රදායයන් පිළිබඳව හැඟීමක් මතු කරවනු ලබයි. මෙකී පරිවර්තනීය පෙනුමෙන් ඔබ්බට ගොස් වැඩිදියුණු කළ නවීන පන්නයේ තැබැරුම්හල, සියලු පහසුකම් හා සුඛෝපභෝගීතාවයන් සමඟින් ගාලු මුවදොර හෝටලයේ සහෝදර අලෙවිසැලක් වන Firebeach අවන්හල ආකාරයෙන් ඉදි වෙමින් පවතී.
1972 දී ලිහිණියා සර්ෆ් වශයෙන් ආරම්භ වූ මෙම හෝටලය වසර ගණනාවක් පුරාවට සංචාරක ප්රවණතාවයන් අනුව කැපී පෙනෙන පරිවර්තනයන්ට ලක්ව තිබෙන අතර, ඇසෝසියේට් හෝටල් සමූහයේ සභාපති කුමාර මාලිආරච්චි මහතාගේ ප්‍රමුඛතම දැක්ම හේතුවෙන් නොබෝ දිනකින් එය නිරතදිග වෙරළ තීරයේ දිගම වෙරළ තීරය වන බෙන්තොට හී ආදරණීයතම ගමනාන්තය බවට පත් විය.
වසර ගණනාවක් පුරා, එහි මව් සමාගම වූ Ceylon Hotels Corporation PLC සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, Lihiniya Surf 2012 දී ‘The Surf’ බවට පරිවර්තනය වූ අතර ඉන් අනතුරුව 2016 දී EKHO Surf බවට පරිණාමය විය. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ සජිවී සංස්කෘතියෙන් ආභාසය ලබන නව අනන්‍යතාවයක සාරය මනාව සංග්‍රහ කළේය.
බෙන්තොට EKHO Surf නැවත දියත් කිරීමේ නිල උත්සවය, දෙසැම්බර් 19 වන දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර සම්ප්‍රදායික හා නවීනත්වයේ විචිත්‍රවත් සම්මිශ්‍රණයක් ඔස්සේ අමතක නොවන සුවපහසු නිවාඩුවක් සැපයීමට හෝටලයේ කැපවීම එමඟින් පිළිඹිබු කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය වෙරළ තීරයේ සැරිසැරීම සඳහාම සඳහාම සුදුසු නොකිළිටි වෙරළ තීරය, හොඳින් වැඩුණු තණකොළ සහිත පරිසරයක් මෙන්ම නැවුම් මුහුදු ආහාර සමඟින් පිරිනමන උණුසුම් ආගන්තුක සත්කාරයන් කැටුව අමුත්තන්ට අමන්දානන්දයට පත් විය හැකි නිවාඩුවක් අපේක්ෂා කිරීමට හැකි වනු ඇත.
වෙන්කරවා ගැනීම් සඳහා හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා EKHO Surf, Bentota අමතන්න. 0772387777/ 0117765555 අමතන්න හෝ www.ekhohotels.com වෙත පිවිසෙන්න