ලොව ජනප්‍රියම චීන බීර නිෂ්පාදන සමාගමක් වන ෂින්ටාඹ් (Tsingtao) සමාගමේ සේවකයෙකු බීර නිෂ්පාදනය කරනා විශාල කල්දේරමකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක මේ වනවිට සමාජ මාධ්‍යවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවති.
මෙම වීඩියෝව එම සමාගමේ බළධාරීන් දුටු වහාම ඔවුන් මේ පිලීබඳව පොලීසිය දැනුවත් කර ඇති අතරම අදාළ අමුද්‍රව්‍ය අඩංගු කල්දේරමද මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.
අන්තර්ජාලයේ සැරිසරනා මේ වීඩියෝ පටයේ සිටිනා සේවකයා හිස් ආවරණයක් පැළඳ නිල් ඇදුමින් සැරසී සිටී. ඔහු ඒ තුළට මුත්‍රා කිරීමට පෙර උස් තාප්පයක් මතට නැගී බහාලුමට යන අයුරු එහි දැක්වේ. එම වීඩියෝ පටයේ ස්ථන ටැගය ලෙස “ෂින්ටාඹ් බීර අංක 03 කර්මාන්තශාලාව” යන නම දක්නට ලැබේ.
එම සමාගම කරන ලද පැමිණිල්ලට අනුව පොලීසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරඹා තිබේ.
රසිත ජයවීර