පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැති මධ්‍යස්ථානයක සහකාර ශාලාධිපතිවරයෙකු සිසුවෙකු වෙනුවෙන් විභාගය ලිවූ සිදුවීමක් වාර්තා වෙයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල නිකවැරටිය අධ්‍යාපන කලාපයෙනි. විභාග රාජකාරි වල නිරතව සිටි අනෙක් නිළධාරීන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.