ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (09) නිකුත් කොට තිබේ.
එම සංගමයේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා මහේෂ් ගම්මන්පිලගේ සභාපතීත්වයෙන් යුතු තාවකාලික සත් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ කටයුතු අධීක්ෂණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්යක්ෂ ජනරාල්ට බලය පවරා තිබේ.