මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.මේ වනවිටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.